ලෝකයේ ප්‍රධාන රටවල් අතරින් වාර්ෂිකව සිදුකරනු ලබන ලොව කීර්තිමත්ම රටවල් ශ්‍රේණිගත කිරීමේ 2018 වාර්තාව පසුගිය සතියේ නිකුත් විය.
කීර්තිය හා කළමනාකරණ සේවා සම්බන්ධ ලොව ප්‍රමුඛතම ආයතනයක් වන Reputation Institute විසින් වාර්ෂිකව සිදු කරනු ලබන මෙම ශ්‍රේණිගත කිරීමේ 2018 ලොව කීර්තිමත්ම රටවල් 10 අතරට ඔස්ට්‍රේලියවද ඇතුළත් වී තිබේ.
ලෝක බලවතුන් වන ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, එක්සත් රාජධානිය හා චීනය මෙවර මෙන්ම ගියවර ශ්‍රේණිගත කිරීමේ ද පළමු 10 අතරට නොපැමිණීම තවත් සුවිශේෂී සිදුවීමක් ලෙස සැලකිය හැකිය.

මිනුම් දඬු
2018 වසරේ මාර්තු සහ අප්‍රේල් මාස වල ලොව විවිධ රටවල පුද්ගලයින් 58,000 ක් පමණ සම්බන්ධ කරගනිමින් මෙම සමීක්ෂණය සිදු කර තිබේ.
ලොව ප්‍රධාන රටවල් 55 ක් කෙරෙහි මෙහිදී අවධානය යොමු කර ඇත.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ඒ ඒ රටවල දේශපාලනය, ආර්ථික ස්ථාවරත්වය, ආර්ථික වර්ධනය, සාමාජීය සංවර්ධනය හා සංහිඳියාව, සාමය, සංචාරක කර්මාන්තයේ ගෞරවනීයත්වය යන මිනුම් දඬු මත මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇති බව ලෝක ප්‍රකට ෆෝර්බ්ස් සඟරාව වාර්තා කරයි.

2018 ලොව කීර්තිමත්ම රටවල් 10
මෙවර ලොව කීර්තිමත්ම රට ලෙස කිරුළු පළඳින්නට ස්වීඩනයට හැකියාව ලැබී තිබේ.
2017 වසරේදී ස්වීඩනය මෙම ශ්‍රේණිගත කිරීමේ තුන්වන ස්ථානය දිනා ගත් නමුත් මෙවර පළමු ස්ථානය දිනා ගනු ලැබුවේ ස්වීඩනයේ පවතින සමානාත්මතාව, ආරක්ෂාව හා නිදහස යන ගුණාංග හේතුවෙන් බව ස්වීඩන් අග්‍රාමාත්‍ය Stefan Löfven පවසා තිබේ.
සමානාත්මතාව සහ ආරක්ෂාව බිඳ වැටුණු තැන රටක සංවර්ධනයක් දක්නට නොලැබෙන බව ස්වීඩන් අග්‍රාමාත්‍ය Stefan Löfven වැඩි දුරටත් පවසා ඇත.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
2018 ලොව කීර්තිමත්ම රටවල් 10 අතරෙන් දෙවැනි ස්ථානය දිනා ගැනීමට ෆින්ලන්තය සමත් වී ඇති අතර ස්විට්සර්ලන්තය තුන්වන ස්ථානයට පත්ව තිබේ.
ෆින්ලන්තය 2017 වසරේදී මෙම ශ්‍රේණිගත කිරීම් වල 7 වන ස්ථානය දිනාගෙන සිටි අතර ස්විට්සර්ලන්තය දෙවැනි ස්ථානය දිනාගෙන තිබිණි.
නොර්වේ රාජ්‍යය මෙවර ලොව කීර්තිමත්ම රටවල් අතරින් සිව්වන ස්ථානය හිමිකරගෙන ඇති අතර අසල්වැසි නවසීලන්තය පස්වන ස්ථානයට පත්ව තිබේ.
නමුත් නොර්වේ රාජ්‍යය 2017 වසරේදී මෙම ශ්‍රේණිගත කිරීම් වල 6 වන ස්ථානය දිනාගෙන සිටි අතර නවසීලන්තය පස්වන ස්ථානයම හිම්කරගෙන තිබුණි.

ඔස්ට්‍රේලියාවට ලැබුණු තැන
2018 ලොව කීර්තිමත්ම රටවල් අතරින් ඔස්ට්‍රේලියාවට ලැබී ඇත්තේ 6 වන ස්ථානය වේ.
ඒ අනුව ඔස්ට්‍රේලියාව මෙවර සිටින්නේ අසල්වැසි නවසීලන්තයටද වඩා එක් ස්ථානයක් පහළිනි.
නමුත් 2017 වසරේ ලොව කීර්තිමත්ම රටවල් ලැයිස්තුවේ ඔස්ට්‍රේලියාව සිව්වන ස්ථානය හිම්කරගෙන සිටියේ නවසීලන්තයටද වඩා එක් ස්ථානයක් ඉහළිනි.
2017 වසරේදී ඔස්ට්‍රේලියාව ලබා තිබූ ප්‍රසාද ලකුණු ප්‍රතිශතය 81.6% ක් වූ නමුත් මෙවර එය 79.6% ක් දක්වා පහත වැටී තිබේ.

සෙසු ස්ථාන
2018 ලොව කීර්තිමත්ම රටවල් අතර හත්වන ස්ථානයට කැනඩාව ද අටවන ස්ථානයට ජපානයද නවවන ස්ථානයට ඩෙන්මාර්කය ද 10 වන ස්ථානයට නෙදර්ලන්තයද තේරී පත්වී ඇත.
නමුත් 2017 වසරේදී කැනඩාව මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගෙන සිටි අතර මෙවර ස්ථාන 6 ක් පහතට වැටී තිබේ.
ජපානය පසුගිය වසරේදී 12 වන ස්ථානය ලබා මෙවර ස්ථාන 4 ක් ඉහලට පැමිණ තිබේ.
මේ අතර ඩෙන්මාර්කය පසුගිය වසරේ අටවන ස්ථානයද නෙදර්ලන්තය නව වන ස්ථානයද හිමිකරගෙන තිබුණි.

--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

