වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග ආරක්ෂක කැමරාවලින් ජුනි 06 සිට 22 දක්වා නිකුත් කළ දඩ 7500 ක් අවලංගු කරයි. (SBS සිංහල/වාර්තා)

මෙම වයිරසය පසුගිය සිකුරාදා (23/06) වන විට කැමරා 55 කට ඇතුල්වී ඇති බව දැනගන්නට ලැබුණු අතර සෙනසුරාදා (24/06) වන විට එය සමස්ත පද්ධතියටම බලපා ඇති බවට ප්‍රාන්ත රජය නිගමනය කළේය.

speed_camera_2.jpg

Source: Herald Sun

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය සති දෙක තුළදී රතු සංඥා එලි නොතකා ධාවනය කිරීම සහ අධික වේගය හේතුවෙන් පැනවූ දඩ 7500 කට අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති බව වික්ටෝරියානු පොලීසිය නිවේදනය කරයි.

පරිගණක වයිරසයක් හේතුවෙන් අදාළ දඩ නිකුත් කිරීමේ කැමරා පද්ධතියට සිදුවූ බලපෑමක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

සිද්ධිය පිළිබඳ විමර්ශන මේ වන විටත් ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

මාර්ග කැමරා පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් කැමරා වලින් දඩ නිකුත් නොකරන බවද වික්ටෝරියානු ප්‍රාන්ත රජය සහ වික්ටෝරියානු පොලීසිය සඳහන් කරයි.

නඩත්තු කටයුතු සිදු කරනු ලබන පුද්ගලයින් ගේ අනවධානය හේතුවෙන් ransomware වයිරසයක් අදාළ පරිගණක පද්ධතියට ඇතුල් වී ඇති බව දැනට සොයාගෙන තිබේ.

“මේ සිද්ධිය නිසා මම තීරණය කළා වික්ටෝරියා ප්‍රාන්තයේම කැමරා වලින් නිකුත් කරපු දඩ අහෝසි කරන්න. ඒකෙන් කියවෙන්නේ නැහැ ඒවා ඉදිරියේදී නැවත නිකුත් කරන්නේ නැහැ කියල. නමුත් මට 100% ක් ම තහවුරු කරගන්න අවශ්‍යයි කැමරා 280 ම කිසිදු ගැටලුවකින් තොරව නිවැරදිව වැඩ කරනවද කියල.”වික්ටෝරියානු පොලීසියේ සහකාර කොමසාරිස් Doug Fryer පැවසීය.

ජුනි 06 වන දින සිට 22 දක්වා නිකුත් කළ දඩ පත්‍රිකා 7500 ඉක්මවා ඇති බව තමන් විශ්වාස කරන බවද ඔහු පැවසීය.

මේ පිළිබඳ විමර්ශනය කිරීමට සති කිහිපයක් ගතවනු ඇතැයිද වාර්තා වේ.

Redflex සමගම ඇතුළුව මෙම කැමරා මෙහෙයවනු ලබන සමාගම් මෙම දෝෂය පිළිබඳ නීතිය පිළිබඳ දෙපාර්තමේන්තුවට දැනුම් දීම සඳහා ඉතා මන්දගාමී පිළිවෙතක් අනුගමනය කර ඇති බවද වාර්තා වේ.

මෙම වයිරසය පසුගිය සිකුරාදා (23/06) වන විට කැමරා 55 කට ඇතුල්වී ඇති බව දැනගන්නට ලැබුණු අතර සෙනසුරාදා (24/06) වන විට එය සමස්ත පද්ධතියටම බලපා ඇති බවට ප්‍රාන්ත රජය නිගමනය කළේය.

කැමරා පද්ධතිය යථා තත්ත්වයට පත් කළ විට අදාළ දඩ පත්‍රිකා නැවත නිකුත් කිරීමට හෝ සම්පූර්ණයෙන් අවලංගු කිරීමට අපේක්ෂා කරන අබව වික්ටෝරියානු පොලීසිය පවසයි.

මේ වනවිටත් සියලු කැමරා ක්‍රියාත්මක වන බවත් යම් රියදුරෙකු කිසියම් කැමරාවකට මෙම කාලයේදී හසු වුවහොත් ඉදිරි දිනයකදී ඒ සඳහා අදාළ දඩය ලබා දීමට කටයුතු කර ඇති බවද පොලීසිය පවසයි.

Share

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now