බියට පත් කුඩා ගැහැණු දරුවෙක් ආරක්ෂාව පතා සිය පියා අසලට දිව යද්දී ඇය ව ම ඉලක්ක කර සාහසික අයුරින් වෙඩි තැබීම මනුෂ්‍යයෙකුට නම් කළ නොහැක්කක් බවත් ඇයට පාලම උඩ සිට වෙඩි තැබුවේ අමුනුස්ස යක්ෂයෙක් යැයි මැටිල්ඩාගේ මව වැලන්ටිනා හඬා වැටෙමින් පැවසුවා.

මැටිල්ඩාට එල්ල වූ වෙඩිල්ල අහක ගිය හෝ අහම්බයක් හෝ අනතුරක් නෙවෙයි, ඝාතකයා ඇය ව ම ඉලක්ක කර එල්ල කල උණ්ඩයක්මැටිල්ඩාගේ මව
මැටිල්ඩාගේ පියා වන මයිකල් ට සැමරුමට එක්ව සිටි සමූහයා ඇමතීමට තරම් ශක්තියක් නොමැති බව කඳුළු බරැතිව කියා සිටියා.

අපි යුක්රේනයේ සිට මෙහි පැමිණියා ... මම ඇයට මැටිල්ඩා යන නම තැබුවේ ඇය ඕස්ට්‍රේලියාවේ අපගේ කුලුඳුල් දරුවා වූ නිසාය. මැටිල්ඩා කියන්නේ ගැහැණු ළමයෙකුට ඕස්ට්‍රේලියාව තුල වඩාත්ම ජනප්‍රිය හා මතක හිටිනම නම කියලා මම හිතුවා. ඉතින් ඇයව මතකයේ තියාගන්නමැටිල්ඩාගේ පියා මයිකල්
මැටිල්ඩාගේ පවුලේ අනෙකුත් සාමාජිකයින් ද මේ ස්මරණීය උත්සවයක දී කතා කළ අතර, ඇගේ සහෝදරයා ද පැවසුවේ සිය නැඟණියගේ මතකයෙන් තමන් සනසන බවයි.
මට සැනසීමක් දැනෙන දෙයක් තමයි මැටිල්ඩාගෙන් මම එයාට ආදරෙයි බව දන්නවාද කියලා ඇහුවම, එයා ඒ වහාම 'ඔව්' කියන එක, එයාට අපි හුඟක් ආදරෙයි කියලා එයා දැන ගෙන හිටියාමැටිල්ඩාගේ වැඩිමහල් සහෝදරයා
මැටිල්ඩාගේ නැන්දා වන ලීනා චර්නික්, නයින් නිවුස් වෙත පැවසුවේ, කුඩා දැරියගේ වියෝවෙන් ඔවුන්ගේ පවුලට සිදු වූ බිඳවැටීම කිසිදා ප්‍රකෘතිමත් නොවනු ඇති බවයි.
මැටිල්ඩා විවෘත හදවතක් තිබුණු කෙනෙක්. එයා යන සෑම තැනකම එයා දීප්තිමත් ඉරක් වගේ හිටියාමැටිල්ඩාගේ නැන්දණිය ලීනා චර්නික්

බොන්ඩායි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිසෙන් මේ වන විට 22 ක් තවමත් රෝහල් ගත ව ප්‍රතිකාර ලබන අතර ඉන් 6 දෙනෙකුගේ තත්ත්වය තවමත් බරපතළ බවයි නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය අංශ වාර්තා කරන්නේ.
මේ අතර ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් අයගෙන් කොටසක ගේ අවසන් කටයුතු බදාදා (17) සිදු කිරීමට නියමිතව තිබෙනවා.
වැඩිදුර තොරතුරු සඳහා SBS News පිටුවට පිවිසෙන්න.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.




















