බර අඩු කිරීමේ කලාවේ අළුත්ම පෙරළිකාරයා OMAD ගැන ඇත්ත දැන ගන්න

Working from home during lockdowns can cause gaining Covid-Kilos

OMAD diet explained Source: SBS

දවසකට එක් ආහාර වේලක් ගැනීම බර අඩු කර ගැනීමට සුදුසු ආරක්ෂිත ක්‍රමයක් ද? වයස්ගත වීමේ ක්‍රියාවලිය ප්‍රමාද කිරීම ඇතුළු වේගවත්ව දිගු කාලීන ලෙස බර අඩු කර ගැනීමේ සෞඛ්‍ය සම්පන්න සාර්ථක ක්‍රමයක් ලෙස ඇතැම් උපදේශකයින් ප්‍රකාශ කරන OMAD diet ගැන ඔබ දැනගත යුතු දේ මෙන්න.


දිනකට එක් ආහාර වේලක් පමණක් ආහාරයට ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන හුවා දක්වන, දිනෙන් දින වර්ධනය වන ප්‍රසිද්ධ පුද්ගලයින් සමූහයක් අතර බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් මෙන්ම ඇමරිකාවේ ගායක බෲස් ස්ප්‍රින්ග්ස්ටීන් ද වේ.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, දිනකට එක් ආහාර වේලක් එනම් One Meal A Day (OMAD) යනු බර අඩු කර ගැනීමේ නවතම ප්‍රවණතාව වී තිබේ.

වයස්ගත වීමේ ක්‍රියාවලිය ප්‍රමාද කිරීම ඇතුළුව වේගවත්ව, දිගු කාලීනව බර අඩු කර ගැනීමේ සාර්ථක මෙන්ම වඩා යහපත් සෞඛ්‍ය තත්වයකට මෙම ක්‍රමය හේතු වන බව විවිධ උපදේශකයින් ප්‍රකාශ කරයි.

බොහෝ බර අඩු කිරීමේ වැඩසටහන් මෙන්, OMAD diet යන ක්‍රමය ද ලොකු විශ්වාසයක් ඇති කරවන අන්දමේ පොරොන්දු ලබා දේ.

දිනකට එක් ආහාර වේලක් ගැනීම හෙවත් OMAD diet ගැන ඔබ දැනගත යුතු දේ සහ බර අඩු කර ගැනීම යනුවෙන් ඉන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ ව මෙම විශේෂාංගයෙන් වැඩිදුර තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කෙරේ.

salad
Source: Pixabay

OMAD diet යනු කුමක්ද ?

මූලික වශයෙන්, OMAD diet යනු intermittent fasting හෙවත් යම් තෝරා ගත් කාල රාමුවක් තුළ නිරාහාරව සිටීමේ ක්‍රමයකි. මෙම ක්‍රමයේදී ඔබ පැය 23ක් නිරාහාරව සිටින අතර පැයක් ඇතුළත ආහාරයට ගන්නා එක් ආහාර වේලකින් ඔබේ දෛනික කැලරි සියල්ල පරිභෝජනය කරයි.

OMAD diet හි නීති සරල සහ අනුගමනය කිරීමට පහසු ලෙස ඉදිරිපත් කර තිබේ.

මෙහිදී සම්මත කෑම පිඟානකට බෙදා ගත ප්‍රමාණයේ ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් අනුභව කළ හැකි වේ. කිසිදු කැලරි සීමා කිරීමක් හෝ පෝෂණ මාර්ගෝපදේශ අනුගමනය කිරීමක් මෙහිදී අවශ්‍ය නොවේ.

ඔබට දවස පුරා කැලරි රහිත බීම වර්ග එනම් ජලය , සීනි කිරි රහිත තේ සහ කෝපි පානය කළ හැකිය.

ඔබ විසින් ස්ථාවර ආහාර කාලසටහනක් අනුගමනය කළ යුතු අතර සෑම දිනකම එකම වේලාවක ඔබේ එක් ආහාර වේලක් අනුභව කළ යුතු වේ.

බර අඩු කර ගැනීමට හේතු වන කැලරි හිඟයක් ඇති කිරීමත් සමඟම, OMAD ආහාර රටාවේ ඇති දිගු නිරාහාර කාලය තුළ ශරීරය භෞතික විද්‍යාත්මක වෙනස්කම් වලට ලක් වන බව මෙම උපදේශකයන් විශ්වාස කරයි. එමගින් කීටෝසිස් නම් ක්‍රියාවලියක් ඇති කිරීමෙන් ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි දියුණු කරන අතර දිනපතා අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට ග්ලූකෝස් වෙනුවට ශරීරය තුළ ගබඩා කර ඇති මේදය දහනය කරන බවත් එමගින් වඩා හොඳ සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රවර්ධනය කරන බවත් ඔවුන් පවසයි.

මේ සඳහා ඇති සාක්ෂි මොනවාද ?

අවාසනාවකට,මෙන් OMAD diet පිළිබඳ සිදු කර ඇත්තේ පර්යේෂණ සීමිත ගණනක් පමණි.මේ සම්බන්ධව සිදු කළ බොහෝ අධ්‍යයනයන් මගින් සතුන් කෙරෙහි එහි බලපෑම පරීක්‍ෂා කර ඇති අතර, මිනිසුන් සමඟ කරන ලද මූලික අධ්‍යයනයට සිහින් සිරුරක් ඇති තරුණයන් 11 දෙනෙකු පමණක් යොදා ගනිමින් සිදු කළ OMAD ආහාර වේල අනුගමනය කරමින් දින 11ක් පුරා සිදු කරන ලද පරීක්ෂණයක් ඇතුළත් වේ.

OMAD diet පිළිබඳ පල කරනු ලබන බොහෝ ප්‍රකාශයන් සාමාන්‍යයෙන් පදනම් වන්නේ OMAD diet පිළිබඳ කරන ලද පර්යේෂණ මත නොවන අතර intermittent fasting ක්‍රමය මත සිදු කරන ලද පර්යේෂණ මතයි.

බර අඩු කර ගැනීම සඳහා intermittent fasting යන ක්‍රමයේ කාර්යක්ෂමතාවය සනාථ කරන සාක්ෂි තිබෙන නමුත් බොහෝ අධ්‍යයනයන් මගින් අවධානය යොමු කර ඇත්තේ එහි කෙටි කාලීන ප්‍රතිඵල කෙරෙහි පමණයි.
එනම් මෙහිදී සැලකිල්ලට ගෙන තිබෙන්නේ සාමාන්‍යයෙන් සති 12ක් හෝ ඊට අඩු කාලයක් තුළ ලබා ගත් ප්‍රතිඵල පමණි.


2022 වසරේ සිදු කල එක් දිගු කාලීන අධ්‍යයනයකදී අහඹු ලෙස තෝරා ගත් තරබාරු රෝගීන් 139 දෙනෙකුට දිනපතා උදේ 8 සිට සවස 4 දක්වා කාල සීමාව තුළ පමණක් කැලරි ප්‍රමාණය සීමා කළ ආහාර ගැනීමට හෝ මාස 12 ක් සඳහා දෛනික කැලරි සීමාවන් සහිත ආහාර වේල් ලබා ගැනීමට නියම කර තිබේ.

මාස 12 කට පසු, මෙම අකණ්ඩායම් දෙකෙහිම ප්‍රතිඵල සැසදීමේදී කණ්ඩායම් දෙකකෙහිම එකම බර අඩු වීමක් දැකිය හැකි වූ අතර එමෙන්ම ශරීරයේ මේදය, රුධිරගත සීනි මට්ටම, කොලෙස්ටරෝල් මට්ටම සහ රුධිර පීඩනයෙහි වෙනස්කම්ද සමාන වී තිබේ.

මෙම අධ්‍යයනය මගින් පෙන්නුම් කරන්නේ යම් කාල රාමුවක් තුළ නිරාහාරව සිටීමෙන් ලබා ගන්නා දිගු කාලීන බර අඩු වීම සහ දෛනික කැලරි සීමා කිරීම යන සාම්ප්‍රදායික ආහාර පාලන ප්‍රවේශයන් මගින් සිදු වන බර අඩු වීම සමාන වන බවයි.

මෙම OMAD ආහාර රටාවේ ඇති ගැටළ

මෙම ක්‍රමය මගින් පෝෂණ ඌනතා සහ සෞඛ්‍ය ගැටලු ඇති වේ.

OMAD ආහාර වේලෙහි දිනකට ලබා ගන්නා එක් ආහාර වේල සඳහා කුමක් අනුභව කළ යුතුද යන්න පිළිබඳ පෝෂණ මාර්ගෝපදේශ නොමැතිකම මීට ප්‍රධාන හේතුව විය හැකිය.

යහපත් සෞඛ්‍යය පවත්වා ගැනීම , රෝග වැළැක්වීම සහ ශරීර බර කළමනාකරණය කිරීම සඳහා අප දිනපතා ගන්නා ආහාර වේලෙහි , wholegrain කාබෝහයිඩ්‍රේට්, එළවළු, පලතුරු, ප්‍රෝටීන් සහ හොඳ මේද සමඟ සමතුලිත ප්‍රෝටීන් ප්‍රභවයක් ඇතුළත් විය යුතු වේ.

නමුත් මෙම ක්‍රමය මගින් සමබල ආහාර වේලක් නොගැනීම නිසා ඔබට පෝෂණ ඌනතාවයන් ඇති වන අතර එමඟින් සිරුරේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වය දුර්වල වීම, තෙහෙට්ටුව සහ අස්ථි ඝනත්වය අඩුවීම මගින් ඔස්ටියෝපොරෝසිස් ඇති වීම සිදු විය හැක.

දිනකට පැය 23 ක් නිරාහාරව සිටීමෙන් අධික කුසගින්නක් සහ පාලනය කළ නොහැකි ආහාර පිළිබඳ අධික ආශාවක් ඇති වීමට ඉඩ ඇති අතර එමගින් සිදු වන්නේ ඔබ ආහාර ගන්නා කාලය පැමිණි විට ගුණදායී නොවන ආහාර නිරන්තරයෙන් ගැනීමට ඔබ පෙළඹ වීමයි.

එමෙන්ම මෙම ආහාර රටාව තිරසාර ක්‍රමයක් ද නොවේ.

ඔබට මුල් කාලයේ OMAD diet එකක රැඳී සිටීමට හැකි වනු ඇති නමුත් කාලයත් සමඟ එය අපහසු විය හැකියි.

Extreme diets එනම් විශේෂයෙන් දිගු කාලයක් නිරාහාරව සිටීමට නියම කරන ආහාර රටා එතරම් ප්‍රියජනක නොවේ. මෙවැනි ක්‍රම මගින් පුද්ගලයින්ට ආහාර වේල් අහිමි කරවන අතර ඔවුන්ට සමාජය තුළ හුදකලා වීමේ හැඟීම් ද ඇති කරනු ලබයි.
මෙවැනි ක්‍රම නිසා සිය සේවා ස්ථානයේ බෙදා හදා ගන්නා උපන්දින කේක් කෑල්ලක් පවා ප්‍රතික්ෂේප කිරීමට සිදු වන අතර යම්කිසි කෙනෙක්ට පැය 23 ක් ආහාර නොගත් විට එය කෙසේ දැනෙන්නේ දැයි ඔබම සිතා බලන්න!

සීමා සහිත ආහාර ගැනීම ආහාර සමඟ සෞඛ්‍ය සම්පන්න නොවන සබඳතාවයකට ද හේතු විය හැකි අතර සෞඛ්‍ය සම්පන්න බරක් ලබා ගැනීම සහ පවත්වා ගැනීම එමගින් වඩාත් අපහසු විය හැකියි.

අනෙකුත් ජනප්‍රිය intermittent fasting ක්‍රම මෙන්ම OMAD ආහාර රටාවද ආහාර දිරවීමට පහසු නිසාත්, ඉක්මන් ප්‍රතිඵල පෙනෙන නිසාත් ඉතා සුදුසු ක්‍රමයක් ලෙස ඔබට පෙනෙනු ඇත.
නමුත් OMAD ඩයට් යනු ඔබේ බර බලන තරාදිය මත කිලෝ කිහිපයක් ඉතා ඉක්මනින් අඩු කර ගත හැකි කැලරි කපා හැරීමේ තවත් විචිත්‍රවත් ක්‍රමයක් පමණි.

ඔබේ බර අඩු වන විට, ඔබේ සිරුර විසින් බර අඩු වීමෙන් ඔබව ආරක්ෂා කර ගැනීම සඳහා එහි ස්වභාවික ආරක්ෂක යාන්ත්‍රණයන් සක්‍රීය
කරනු ලබයි. එවිට මෙම ආහාර රටාව පටන් ගත් මුල් කාලයේ සිදු වූ ඉක්මන් බර අඩු වීම ඉක්මනින්ම නතර වේ. ඇත්ත වශයෙන්ම, අඩු වූ බර නැවත ලබා ගැනීමට ඔබේ සිරුර උත්සාහ කරයි. මිනිස් සිරුරේ ඇති වන මෙම ප්‍රතිචාරය, ආහාර හිඟ වූ කාල වලින් බේරීමට අපගේ දඩයම් යුගයේ මුතුන් මිත්තන්ගේ අවශ්‍යතාවයට අනුව මිනිස් සිරුරේ ඇති වූ ප්‍රතිචාරයක් වේ.

ඒ අනුව, බර අඩු කිරීමේ ඉක්මන් විසඳුම් ශරීරයට හිතකර නොවේ.

සිරුරේ බර අඩු කර ගැනීමට ඔබට කෙතරම් විශාල අවශ්‍යතාවයක් තිබුණත් , One Meal A Day හෙවත් දිනකට එක් ආහාර වේලක් ගැනීමේ OMAD diet තිරසාර ක්‍රමයක් නොවේ.

එය ඊට පෙර පැවති බර අඩු කිරීමේ විවිධ වැඩසටහන් වලට වඩා හොඳ බර අඩු කිරීමේ ක්‍රමයක් ද නොවේ. මෙවැනි ආහාර රටාවකට යොමු වීම නිසා සිදු වන්නේ අපගේ එදිනෙදා ආහාර රටාවට සුපුරුදු පැරණි ආහාර පුරුදු නැවතත් එක් වන විට, අහිමි වූ බර නැවත ලබා ගැනීම සහතික කිරීම සඳහා සිරුරේ සිදු වූ කායික වෙනස්කම් රැසකට එරෙහිව සටන් කරන්නට ද අපට සිදු වීමයි.

දිගු කාලීනව සාර්ථකව බර අඩු කර ගැනීම සඳහා අප කළ යුතු දේ .

ඔබ , ඔබේ ඉලක්ක කර ගත බර වෙත ළගා වන තුරු ,
ඔබට පවත්වා ගත හැකි ප්‍රමාණයකට බර අඩු කර ගෙන එම බර කළමණාකරණය කර ගනිමින් පියවරෙන් පියවර බර අඩු කිරීම පිළිබඳ අවධානය දිය යුතු වනවා.

බර අඩු කර ගැනීමේ කාල පරිච්ඡේදයකට පසුව බර නඩත්තු කිරීමේ කාල පරිච්ඡේදයක් යනාදී ලෙස ඔබේ ඉලක්කයට පැමිණෙන තුරු මෙය සිදු කළ යුතු වනවා.

වඩාත් ම වැදගත් වන්නේ ඔබේ ජීවිත කාලය පුරාම පවතින පුරුදු ඇති කර ගැනීම සඳහා ඔබේ ජීවන රටාව ක්‍රමානුකූලව වෙනස් කර ගැනීමයි.


සිඩ්නි විශ්ව විද්‍යාලයේ චාල්ස් පර්කින්ස් මධ්‍යස්ථානයේ අධික බර හා තරබාරුකමට ප්‍රතිකාර කිරීම සම්බන්ධ ව්‍යාපෘති සඳහා පර්යේෂණ වැඩසටහන් නායකයෙක් වන නික් ෆුලර් විසින් SBS News හි පල කළ ලිපියක් ඇසුරෙනි.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service