ඔස්ට්‍රේලියානු මුහුදේ Rip current එකකට හසු වුවහොත් බේරෙන අයුරු පිළිබඳ පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන Podcast එකට සවන්දෙන්න.
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Life Saving Victoria ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මෙවන් ජයවර්ධන මහතා SBS සිංහල ගුවන් විදුලියට විස්තර කරයි.
Rip current එකකට හසු වුවහොත් බේරෙන්නේ කොහොමද?
- Rip current එකකට හසු වුවහොත් කලබල නොවී සිටීම මුලින්ම කළ යුතුයි.
- කලබල වෙන්න කලබල වෙන්න මහන්සිය වැඩි වෙනවා, එතකොට සිරුරේ ශක්තිය හීන වෙලා තවත් අමාරුවේ වැටෙනවා.
- Rip current එකට හසුවෙලා වෙරළෙන් එහාට මුහුද මැදට තමන්ව ගහගෙන යනවා කියලා තේරෙනවානම් ඉහළට අත උස්සලා උදව් ඉලන්න උත්සාහ කළ යුතුයි.
- ඒ සමගම වෙරළ දෙසට පිහිනන්නේ නැතිව වම් අතට හෝ දකුණු අතට හෝ මුහුදේ හරහට පිහිනු විට ටික වේලාවකින් Rip current එක නැතිවෙනවා.
- එසේත් නැතිනම් මුහුද මැදට කවුරු හෝ උදව්වට පැමිණෙන තෙක් මුහුදේ පාවෙන්න පුළුවන් නම් එය කිරීමට වග බලාගත යුතුයි.
Share






